2019 ඔක්තෝබර් 04 වන සිකුරාදා

සජිත් රැස්වීම් 150ක

 2019 ඔක්තෝබර් 04 වන සිකුරාදා, ප.ව. 12:30 71

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජය පතා ප්‍රධාන රැස්වීම් 150ක් දිවයින පුරා පැවැත්වීමට එම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන සංවිධායක මණ්ඩලය විසින් කටයුතු සූදානම් කර තිබේ.

එම සෑම රැස්වීමකටම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බව ද සඳහන්ය.

ඊට අමතරව ප්‍රධාන රැස්වීම් කිහිපයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද සහභාගී වීමට නියමිත ඇත.

පසුගිය කාලයේ එ.ජා.ප.ය හැරගිය පක්ෂ සාමාජිකයන් නැවත පක්ෂය වෙත කැඳවා ගැනීම සඳහා එම මෙහෙයුම් බාරව හිටපු නියෝජ්‍ය අමාත්‍ය උපාලි පියසෝම මහතා පත්කර ඇතැයි වාර්තා වේ.