l චමිඳු නිසල්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම ඔක්තෝබර් 11 වැනි සිකුරාදා උදෑසන හතේ සිට සවස හතර දක්වා පැවත්වේ.
ග්‍රාම නිලධාරී වසම් 51 පුරා ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම සිදුකෙරෙන අතර පනස් තුන්දහසකට අධික පිරිසක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
මෙම මැතිවරණය හරහා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සමානුපාතික ක්‍රමයට නියෝජිතයන් 17 දෙනෙකුත් කොට්ඨාස ක්‍රමයට නියෝජිතයන් 11 දෙනෙකුත් තෝරා පත්කර ගනු ඇත. 2018 ජනවාරි 30 වැනිදා මැතිවරණ කොමිසමට හා එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නියෝගයත් සමඟ ඇල්පිටිය මැතිවරණය කල් ගියේය.