2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

කැබිනට්ටුවට එන්න: චම්පික දෙමළ සන්ධානයට කියයි

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

I දේශපාලන වාර්තාකරු

දෙමළ ජාතික සන්ධානය එ.ජා.පෙරමුණට එක්ව රජයේ අමාත්‍ය තනතුරු භාරගතයුතු බව බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා දේශයට පැවසීය.

උතුරේ ජනතා අවශ්‍යතා නිසි ලෙස ඉටුකරදීමට නම් ඔවුන් රාජය පාලනයේ කොටස්කරුවන් විය යුතු යැයි කී අමාත්‍ය රණවක තමන් පසුගියදා යාපනයේ කළ සංචාරයකදී විවෘතවම දෙමළ සන්ධානයට මෙම ආරාධනය සිදුකළ බවද කීය. තමන් මෙලෙස පවසන්නේ රාජ්‍ය පාලනයේ හවුල්කරුවන් වීමෙන් ස්වකීය ඡන්දදායකයන්ට වඩාත් හොඳ සේවාවක් සැලසිය හැකි නිසා යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.