
මහනුවර ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛනයේ හෘද රෝගීන් 5000ක් පමණ සිටින බවත් ඔවුන් අතරින් සතියකට හෘද සැත්කම් (බයිපාස්) සිදුකරනු ලබන්නේ රෝගීන් තිදෙනෙකුට පමණක් බවත් මහනුවර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
බයිපාස් හෘද සැත්කම් කරනු ලබන රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයේ අවශ්‍ය ඇඳන් හිඟකම නිසා එම තත්ත්වය මඟහරවා ගැනීමට ඇඳන් 300කින් යුත් දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 260ක් වෙන්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
I ජේ.ඒ.එල්. ජයසිංහ