2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ගෝඨාගේ කැබිනට්ටුවට විද්වතුන් පිරිසක් - මහින්ද

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 605

දේශපාලන වාර්තාකරු l

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු පිහිටුවනු ලබන අමාත්‍ය මණ්ඩලයට වෘත්තීය ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් ඇති කීර්තිමත් බුද්ධිමතුන් කිහිපදෙනකු ඇතුළත් වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

ශ්‍රී ලංකා පොදුජන සන්ධාන ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදී දැනට 2.7%ටත් වඩා පහළට වැටී තිබෙන ආර්ථික වර්ධනය ඉහළ නංවා ජනතාවට සෙත සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දස වසරක රාජ්‍ය පාලන අත්දැකීම් ඇතිව නව සංවර්ධන සැලැසුමක් යටතේ රට ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය කරන මූලික ප්‍රතිපත්තිමය කෙටුම්පත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැනටමත් සකස් කර ඇතැයිද විපක්ෂ නායකවරයා කීය.