
උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බැලුම් 60,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.
අදාළ බැලුම් දකුණු අප්‍රිකාවේ සිට ආනයනය කරන බවත් මේ වනවිට එම බැලුම් තොග මෙරටට පැමිණෙමින් තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු දේශයට පැවසීය.
දැනට පොලිස් බැලුම් හිඟයක් රටපුරා තිබෙන බවත් ඒ නිසා හැකි ඉක්මනින් ගෙන්වා උත්සව සමයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.
I ගයාන් ගාල්ලගේ