2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

පොහොට්ටුවේ ඡන්ද සටන 9දා අනුරපුරෙන් ඇරඹේ

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

I සංජීවිකා සමරතුංග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ලබන ඔක්තෝබර් මස 9 දා අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ.

ඊට පසු ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කෙරෙන අතර එය සිදු කරන්නේ ඔක්තෝබර් මස 15 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. මේ සියලු උත්සව මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

එදින සිට මාසයක කාලයක් තුළ දිවයින පුරා මැතිවරණ ප්‍රචාරක රැලි 100ක් පමණ සංවිධානය කර ඇත. ඒ සියල්ලට අමතරව තවත් ජනතා සම්මන්ත්‍රණ හා විද්වත් හමු ගණනාවක් ද සැලසුම් කර තිබේ.