දේශපාලන වාර්තාකරු I
එ.ජා.ප කත්‍යාධිකාරී මණ්ඩලයට ස්වාධීන අපේක්ෂකයා තෝරාගැනීමට ලබාදුන් කාලය පසුගිය 31 දා අවසන් වූ බව ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.
එ.ජා.පයේ එදිනට පෙර අපේක්ෂකයා තෝරා නොගත් බැවින් ආණ්ඩු පක්ෂයේ සමස්ත මන්ත්‍රී කණ්ඩායම සහ එ.ජා.ප කෘත්‍යාධිකාරිය එක්ව අපේක්ෂකයා තෝරාගත යුතු යැයි ඔහු වැඩිදුරටත් කීය.
එ.ජා.ප පෙරමුණ මන්ත්‍රීන් 106 දෙනාගෙන් 76 දෙනෙක් එ.ජා.පය නියෝජනය කරන අතර 30 දෙනෙක් හවුල්කාර පක්ෂ නියෝජනය කරති. එනිසා දැන් අපේක්ෂකයා තෝරා ගැනීමේ වරම මන්ත්‍රී කණ්ඩායමට හා පක්ෂ කෘත්‍යාධිකාරියට ලැබී තිබේ. එබැවින් එ.ජා.ප නායකතුමා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දී ඊට අවකාශ සැලසිය යුතුයැයි රණවක මහතා වැඩිදුරටත් කීය.
තවදුරටත් අපේක්ෂකයා තෝරාගැනීම කල්ඇරීමෙන් ප්‍රතිවාදී අපේක්ෂකයා ශක්තිමත් වන නිසා අපේක්ෂකයා තෝරාගැනීම වහා කළ යුතු යැයි කී අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා රනිල් වික්‍රමසිංහ හා ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් තොරව රැස්වූ එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමේ අතිශය බහුතරය සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනාව අනුමත කළ බව ද සඳහන් කළේය.