2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

දිසාපති මාරු අත්හිටුවන්න: මැතිවරණ කොමිසම රජයට කියයි

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:29 37

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරණ සමයේ විශ්‍රාම ලැබීමට සිටි දිසාපතිවරුන්ව විශ්‍රාම නොයවන ලෙසත් ස්ථාන මාරු ලබාදීමට නියමිත වූ දිසාපතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක නොකරන ලෙසත් මැතිවරණ කොමිසම රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨම දිසාපතිවරයා වන කොළඹ දිසාපති හා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් කන්නංගර මහතා විශ්‍රාම ගැනීම කල් දමන බව දැනටමත් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ සමඟ ස්ථාන මාරු ලැබීමට නියමිත වූ මාතලේ කළුතර හා ගාල්ල දිසාපතිවරුන්ගේ ස්ථාන මාරුද අත්හිටුවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.