I දේශපාලන වාර්තාකරු
කතානායක කරු ජයසූරිය මහතා සහ දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහත්වරුන් අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුවිය.
ඒ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහ පොහොට්ටුව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් අද හෙටම සංවිධානය කෙරෙන බව දේශයට වාර්තා වෙයි.
කරු ජයසූරිය මහතා සහ සම්පන්දන් මහතා අතර හමුව සිදුවූයේ ජයසූරිය මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳ අභිලාෂය ප්‍රකාශ කළ දිනයේමය. මෙහිදී විධායක ජනාධිපති ධුරය අහෝසිය ගැන මෙන්ම කරුගේ අපෙක්ෂකත්ව ඉල්ලීම ගැන දීර්ඝව කතා කර තිබේ.
ඒ අතර දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතා සිය මන්ත්‍රී කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දුන්නේ තමන් අද හෙටම පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන බවය. දෙමළ ජනයාගේ අභිලාෂයන් සාක්ෂාත් කරගන්නට සියලු අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කළයුතු සේම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුද යන්න හඳුනාගැනීමේ වැදගත්කම ගැනද සුමන්තිරන් මහතා සිය මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර තිබේ.