ආදරණීය අම්මා වසර ගණනාවකට ඉහතදී විදේශගත වූයේ අනාගතය වෙනුවෙන් යස ඉසුරැ සොයා එන්නටය. දරැවන් සිව්දෙනා තමා බාරයේ රඳවා ඇය වෙනත් රටක ගෘහසේවිකාවක වශයෙන් පිටත්ව යනවාට තාත්තා ඒ තරමට කැමති වූයේ නැත. නමුත් දිනෙන් දින බලපාන ආර්ථික අගහිඟතා මධ්‍යයේ ඔහු ඊට එකඟ වී දරැවන්ගේ රුකවරණය වෙනුවෙන් පෙනී සිටියේය.
දුරැ රටක කල් ගෙවූ ඇය මාස් පතා සැළකිය යුතු මුදලක් සිය සැමියා වෙත එවන්නට වග බලා ගත්තාය. නොවිඳිනා දුක් විඳිමින් විදේශයකදී උපයා එවන එකඳු රැපියලක් හෝ නිකරැණේ වියදම් නොකිරීමට දරැවන්ගේ පියාද කටයුතු කළේය.
මේ අයුරින් බිරිඳගේ මහන්සියෙන් එවන මුදල් බැංකු ගිණුමක තැන්පත් වෙද්දී දරැවන්ගේ හා ගෙදර සෙසු වියදම් සියල්ල පියාගේ ඉපැයීමෙන් පිරිමසා ගන්නට සමත් වූහ. එසේම දරැවන්ගේ අනවශ්‍ය වියහියදම් නතර කරන්නටත් ඔහු පියවර ගනිමින් සිටියේය. වසර කීපයක් තිස්සේ අම්මා රට සිට එවන මුදල්වල විශාල තැන්පතුවක් ඇතැයි දරැවෝ දැන සිටියහ. පවුලේ වැඩිමහල් දියණිය අධ්‍යාපනය හමාර කර සිටියෙන් ඇය නිවෙසින් පිටත්කර වෙනත් ප්‍රදේශයක නැවතී රුකියාවක නිරතව සිටියාය. මේ නිසා පියා සමඟින් නිරතුරැවම නිවසේ සිටියේ වැඩිමහල් පිරිමි දරැවා ඔහුගේ නැගණිය හා බාල සහෝදරයා පමණය.
අවුරැදු 17ක තරැණයෙකු වූ ඔහුට ජීවිතයේ බරපතළක් නොදැණින. අත දිග හැර වියදම් කිරීමටත් රෑපවාහිනිය නරඹා එහි ඇතැම් දේ සිය ජීවිතයට එක්කර ගන්නටත් ඔහු සිහින දකිමින් සිටියේය. මේ අතර ඔහු බොහෝ සංගීතමය වැඩසහන් නැරඹීමටත් විවිධ සංගීත උපකරණ වාදනය කිරීමටත් ඒ සම්බන්ධයෙන් යම් දැනුමක්ද ලබාගෙන සිටියේය. මේ පසුබිම මත ඔහුගේ එකම ආශාව වූයේ යම් දිනෙක සංගීත කණ්ඩායමක් බිහිකරගෙන කටයුතු කිරීමය. ඔහු ඒ සඳහා පියා සමඟින් නොයෙක් වර වාද විවාද වල පැටලී සිටියේය. නමුත් ඔහුට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. මේ පිළිබඳ ඔහු පසුවෙමින් සිටියේ කනස්සල්ලෙනි. එසේ කාලය ගත වෙමින් තිබියදී 5 වැනිදා සවස් යාමයේ 15 හැවිරිදි දියණිය නිවෙසින් එළියට ගියාය.
&තාත්තේ... මම හන්දියේ කඩයට යනවා... පෑනක් අරගෙන එන්නම්*
එලෙස ඇය නිවෙසින් පිටත්ව ගියාය. ඇය මිදුලෙන් පිටත්ව යන දෙස ඇගේ සොහොයුරා බලාසිටියේ තාත්තාට හොර රහසේය.
ඇය කඩයට යන බව පවසා ගිය මොහොතේ සිට නැවත නිවෙසට පැමිණීම සඳහා එතරම් වේලාවක් ගත වන්නේ නැත. නමුත් එවැනි කාලය කීප ගුණකින් ගෙවී ගියද දියණිය නැවත නිෙවසට නොපැමිණීම ගැන පියා කලබල විය. ඔහු තම පුතාට මේ ගැන කීවේ &නංගි කඩේ ගිහින් තාම ආවේ නෑ මඟට ගිහින් බලලා එන්න...* කියමින්ය. සැණෙකින් අවවාදය පිළිගත් පිරිමි දරැවා නංගි පිටත්ව ගිය මඟ ඔස්සේ පාරට ගොස් මද වේලාවකින් නැවත පැමිණ &තාත්තේ නංගි පේන්න නෑනේ* යැයි කිවේය. මේ සමඟම දරැවන්ගේ පියා මිදුලට බැස දියණිය ගිය මඟ ඔස්සේ ගමන් කළේ ඇය කැටුව ඒම සඳහාය. නමුත් දියණිය කී පරිදි ඇය කඩය වෙත ගමන්කර තිබුණේ නැති බව කඩේ මුදලාලි මහතා පවසා සිටියේය. කඩයට යන බව පවසා හදිසියේ අතුරැදන් වූ දියණිය සෙවීමට ගිය පියා පසු පස වැටුණු පිරිමි දරැවාද නංගි සොයමින් අසල්වාසී ප්‍රදේශවල ඇවිද යන්නට විය. මේ බව දැනගත් ගම්වාසී ඥාතී හිතවතුන් කීප දෙනෙක්ද ගමේ ඒ මේ අත ඇවිදින්නට වූහ. මෙසේ සුළු මොහොතක් ගත වෙද්දී ගමේ තරැණියක හිටි හැටියේ අතුරැදන් වූ පුවත ගම පුරා ප්‍රචාරය වූයේය. මේ අතර දියණියගේ නිවසේ වූ දුරකථනට නාඳුනන අයකුගෙන් ආ දුරකථන ඇමැතුමකි.
&කළබල වෙන්න එපා... ඔයාගේ දුව අපේ ළඟ ඉන්නේ. රැපියල් ලක්ෂ 7ක් දෙන්න... දුව ගෙදර එවනවා*
එම ඇමතුමෙන් කියා සිටියේ එපමණකි.
අනපේක්ෂිත මොහොතක සිදුවූ අකරතැබ්බිය පිළිබඳව දියණියගේ පියාට අදහාගත නොහැකි විය. ඔහු දැඩි වේදනාවකින් බලා උන් අතර මේ ගැන සිය ඥාතීන්ට හා හිතවතුන්ටද පවසා සිටියේය. එම දුරකථන ඇමතුමත් සමඟ දියණියගේ ඥාතීන් හා ගම්වාසින්ද පසුවූයේ අනියත බියකින්ය. මෙසේ පැයක් පමණ ගතවීමෙන් පසුව
&ලක්ෂ 7 ලෑස්තිද.. දුව ගෙදර එවන්න ඕනද?* යනුවෙන් විමසා නැවත දුරකථන ඇමතුමක් පැමිණියේය. රාත්‍රිය වැටී ගම පාළුවට යමින් තිබියදී දියණිය පැහැර ගැනීමට ලක්වීම ගැන වේදාවෙන් උන් තාත්තා සිය හිතවතුන් සමඟ සාකච්ඡා කරගත් පරිදි සිද්ධිය ගම්පහ පොලිස්ථානයට පැමිණිලි කරන්නට තීරණය කරමින් කෙහෙල්බද්දර ප්‍රදේශයේ සිට පොලීසිය වෙත ගියේය.
&සර්... මගේ දුව හවස 5ට විතර කඩේට ගියා... ආයෙම ආවෙ නෑ. පරක්කු වෙන නිසා මමයි පුතයි දෙන්නා හොයන්න ගියා.. පස්සෙ ගමේ අයත් හෙව්වා... පැයකට විතර පස්සෙ කෝල් එකක් ආවා.... &කළබල කරන්න එපා... ඔයාගෙ දුව අපේ ළඟ ඉන්නේ. රැපියල් ලක්ෂ හතක් දෙන්න... දුව ගෙදර එවනවා..* කියලා කීවා.. ඊට පස්සෙත් කෝල් දෙකක් විතර ආවා මට මගේ දුව බේරලා දෙන්න සර්..* යැයි කියමින් දියණියගේ පියා ගම්පහ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක 23 ජී.එස්. කාලිංග මහතා හමුවේ පවසා පැමිණිලි කරන්නට වූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කර ලබාගත් උපදෙස් මත එම පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ සඳහා යොමු කළහ. ඒ අනුව එම නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවෙස කරා පිටත්ව ගියේ සී.එල්.අයි. පහසුකම සහිත දුරකථනයක් රුගෙනය. ගිය සැණින් නිවෙසේ දුරකථනය ඉවත් කර පොලිස් නිලධාරීන් සතු දුරකථනය ඊට සවි කරවූවේ කප්පම් කරැවන්ගේ දුරකථන අංකය හරහා ඔවුන් සිටින ප්‍රදේශය හඳුනා ගැනීම පහසු කර ගැනීමටය.
මෙසේ පොලීසිය නිවෙසට පැමිණ දුරකථනය මාරැ කළ අවස්ථාවේ සිට නැවත සැකසහිත කිසිදු දුරකථන ඇමතුමක් පැමිණියේ නැත. නිලධාරීන් පිරිස ඒ පිළිබඳ අවධානයෙන් සිටියදී වේලාව රාත්‍රී 9 පසු වී ගොස්ය. ඒ අවස්ථාවේ නිවෙසට ආ එක් දුරකථන ඇමතුමකි.
&අනේ... තාත්තේ මම කවුදෝ කට්ටියක් අරගෙන ගිහින් වීදිය වත්ත හන්දියේ දාලා ගියා. ඉක්මනට ඇවිත් මාව එක්කගෙන යන්න..*
හදිසියේ මෙම දුරකථන ඇමතුම ලැබී තිබුණේ පැහැර ගැනීමට ලක් වී සිටි දියණියගෙනි. ඇගේ දැනුම්දීම අනුව පොලිස් නිලධාරීන් හා ඥාතීන් කීපදෙනකු ගොස් දියණිය නිවෙසට කැඳවාගෙන පැමිණියේය.
&මොකක්ද චුටි දුවේ වුණේ.. කවුද ඔයා අරගෙන ගියේ මේ වෙනකම් කොහේද හිටියේ.. ඔයාට මොකුත් කරදරයක් වුණාද?*
යැයි අසමින් දියණියගේ පියා කඳුළු සලමින් අඩන්නට වූහ.
&මම කඩේට යද්දි ත්‍රීවිල් එකක් ළඟට ඇවිත් නතර කළා.. මාව බලෙන් ඒකට දාගෙන කතා කරන්න බැරිවෙන්න කට තද කරලා මූණ බැඳලා අරගෙන ගියා.. කොහේදෝ පාළු ගෙදරකට ගිහින් මාව පුටුවකට තියලා බැන්දා... පැය ගාණක් එහෙම තියලා පස්සෙ වීදියවත්ත හන්දියට ගෙනත් දැම්මා...*
මේ කියනා කරැණු දෙස පොලිස් නිලධාරීන් අවධානයෙන් බලා සිටියේය. පාරේ ඇවිදගෙන යමින් සිටි 15 හැවිදිරි තරැණිය බලෙන් ඇදගෙන ත්‍රීවිල් රථයකට දමා ගත්තේ නම්, ඇයව ගැට ගසා දමා පැය කීපයක් සිටියේ නම්, ඒවායේ යම් සළකුණක් ඇගේ අත්පාවල හෝ මුහුණේ තිබිය යුතුය. නමුත් එවැනි කිසිදු සීරීමක හෝ ගැට ගැසූ ස්වරෑපයක ලකුණක් ඇගෙන් දකින්නට වූයේ නැත. ඇය පසුවූයේ ඉතාමත් ප්‍රියමනාප සහ නැවුම් පෙනුමකිනි. මේ කරැණු මත පොලීසිය අනුමාන කළේ ඇගේ කතාව මුසාවක් බවය. එහෙත් එය තීරණය කිරීමට කල් වැඩිය. පැහැරගැනීමට ලක්ව සිටියේ නව යොවුන් වියේ තරැණියක නිසා ඇයට යම් අතවරයක් වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා දියණිය ගම්පහ රෝහලේ වෛද්‍ය නිලධාරීවරයකු ඉදිරියට යොමුකරන්නට පොලීසිය පියවර ගත්හ. එහිදී තමාට කිසිදු හානියක් නොවූ බව කියමින් වචන පටලැවූ තරැණිය වෛද්‍යවරයා කැටුව යාම ප්‍රතික්ෂේප කළාය. පසුව පොලිස් නිලධාරීන් සූක්ෂ්ම අයුරින් ඇයගෙන් ප්‍රශ්න කරන්නට වූහ. එහිදී ඇය පොලීසිය හමුවේ පැවසුවේ මෙසේය.
&අයියා කියපු නිසයි මම හවස පාරට ගියේ. ඒ ගමන් මගේ යාළුවකුගේ ගෙදර ගියා. රූවෙනකම් එහේ හිටියේ. කවුරැත් මාව පැහැරගෙන ගියේ නෑ. අයියාට සංගීත කණ්ඩායමක් පටන් ගන්න රැපියල් ලක්ෂ 7ක් ඕනෙලු. තාත්තා එයාට සල්ලි දුන්නෙ නෑ. ඒ නිසා අයියාගේ වුවමනාවටයි මෙහෙම කළේ.*
මෙය අසා සිටිය දියණියගේ පියා ඉදිරිපත්ව මෙසේ පැවසුවේ එසැණින්ය.
&අනේ... මහත්තයෝ මේ දරැවා කියන්නේ ඇත්තම තමා... මට ඒකෙ සැකයක් නෑ. මේ කොල්ලා මාස ගාණක් තිස්සෙ අම්මා රට ඉඳලා එවන සල්ලි වලින් කිය කියා රැපියල් ලක්ෂ 7ක් ඉල්ලනවා... ඌට සංගීත කණ්ඩාමක් පටන් ගන්න ඕනෑ කියලා... මම සතයක්වත් දුන්නේ නෑ... පස්සෙ දවස් ගාණක් මාත් එක්ක තරහින් හිටියා. මූ ඒ නිසා නංගිව රවට්ටලා මෙහෙම කරන්න ඇති. ඌ එදා ඉල්ලපු ලක්ෂ 7 තමා මේ කප්පමක් විදිහට ගන්න හදන්න ඇත්තේ... මූ දරැවෙක් නෙවේ... මරැවෙක්...* අයියා සහ නංගි එක්ව සිය තාත්තා මුලාකර සිදුකරන්නට ගිය වංචාව පැය කීපයක් තුළදී අනාවරණය කරගන්නට සමත් වූ පොලිස් නිලධාරීහු පොලීසිය නොමඟ යැවීම පදනම් කරගෙන අධිකරණයට කරැණු වාර්තා කළහ. එහිදී අත්අඩංගුවට පත් නංගිව පැහැරගැනීමක් ලෙස සලකා මුදල් ලබාගැනීමට තැත් කළ 17 හැවිරිදි තරැණයා මාකොළ ළමා රුඳවුම් මධ්‍යස්ථානයේ රුඳවීමට නියෝග කළේය.
විල්තෙර