I ගයාන් ගාල්ලගේ
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම අනුමත නොකර අසාධාරණ ලෙස ඉවත් කළහොත් ඊට පසුව ගතයුතු ක්‍රියාමාර්ගය දැනටමත් තීන්දු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
එය මාධ්‍යයට කිව නොහැකි බවත් එය අවස්ථාව අනුව ගන්නා පියවරක් බවත් හෙතෙම කීය. එජාපයේ තුන් හතර දෙනෙකු හැර විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා සුදුසුම අපේක්ෂකයා ලෙස තීන්දු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
තමන් ඇතුළු ඕනෑම කෙනකුට විනය පරීක්ෂණ තබන්නට අවශ්‍ය නැති බවත් මෙතෙක් සියලු වැඩ කර ඇත්තේ පක්ෂයේ විනයට අනුව බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.