2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ජවිපෙ අද සිට ගමින් ගමට

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

I ගයාන් ගාල්ලගේ

ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය උදෙසා අද (සැප්තැම්බර් 01දා) සිට ගම්මට්ටමින් කුඩා සංවිධාන පිහිටුවීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

එම සංවිධාන හරහා ජාතික ජන බලවේගයට සාමාජීකයන් එක් කර ගැනීමත් විශේෂයෙන් එම සාමාජිකයන් අතර සාකච්ඡා,සංවාද සිදුකිරීමටත් කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා කලාකරුවන්, වෘත්තීයවේදීන්, ඇතුළු සාමාජිකයන් රැසක් සහභාගි වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.