2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

පොහොට්ටු සන්ධානය හදන්න ගෝඨාට අවසර

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 379

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඕනෑම පක්ෂයක් සමඟ සාකච්ඡා කොට එහි සහාය පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට ලබාගැනීමට එහි පක්ෂ නායකයෝ අවසර දුන්හ.

පසුගිය අඟහරුවාදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට සෙසු පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව පසුගියදා ඩග්ලස් දේවානන්ද මහතා ඔහු හමුවිය. එදිනම පැවති වෙනත් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා සහ රවුෆ් හකීම් මහතා හමුවී ඇත. එහිදී පවත්නා දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ ලෙස කතාබහ කර තිබේ.