2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

මුස්ලිම් නීති වෙනස් කරනවාට මුස්ලිම් ආගමික නායක විරෝධය

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

I සංජීවිකා සමරතුංග

සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන ලෙස මුස්ලිම් ආගමික නායකයෝ ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැති ඇමැතින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරති.

පසුගියදා දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියට රුස්වූ දිවයින පුරා සිටිනා මුස්ලිම් ආගමික නායකයන් හා පන්දහසකට ආසන්න මුස්ලිම් ජනතාව මේ සඳහා වන විශේෂ සංදේශයක් එම අවස්ථාවට පැමිණ සිටි මුස්ලිම් මැති ඇමැතින්ට බාර දුන්හ.

නීති මගින් තම සංස්කෘතික අයිතීන් වෙනස් කිරීමට රජය උත්සාහ දරන බව මුස්ලිම් නායකයන් මෙහිදී පෙන්වා දී ඇත. විවාහ නීති, ඇඳුම පිළිබඳ නීති, පල්ලිවල සිරිත් විරිත් ආදියට රජය මැදිහත් නොවිය යුතු බව ඔවුන්ගේ මතය බව පැවසේ.

මේ අවස්ථාවට ඒ.එච්.එම්. ෆවුසි, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් රාශියක් එක්ව සිටියහ.