2019 ජුලි 20 වන සෙනසුරාදා

එ.ජා.ප.යෙන් රනිල්-කරු?

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 556

දේශපාලන වාර්තාකරු l

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හා අගමැති අපේක්ෂක ධුර සඳහා රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය මහත්වරුන් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව එ.ජා.ප. ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මෙම යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වීමට යන බවද වාර්තා වෙයි.

එ.ජා. පෙරමුණ සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස නම්කොට එහි සාමාජිකත්වය පුළුල් කරන බව මේ ගැන දේශයට අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම පෙරමුණ සඳහා සුළු ජාතික පක්ෂවලට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන වගද හෙතෙම කීය. සාධාරණ සමාජයක් සඳහා වන එකමුතුව මෙන්ම තවත් සිවිල් සංවිධාන ගණනාවකටද ඇරුයුම් කරන වග ඔහු වැඩිදුරටත් පැවසීය.

එහෙත් එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් බහුතරය යෝජනා කරන්නේ එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන හැටියටයි.