
බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධව බලය පවරමින් හිටපු ජනාධිපතිවරයාගේ නමින් වත්මන් රජය යටතේ නිකුත් කළ ආන්දෝලනාත්මක ගැසට් පත්‍රය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මෙම පැමිණිල්ල හිටපු ජනාධිපතිවරයා විසින් පෞද්ගලිකවම කරන්නේද, ඒකාබද්ධ විපක්ෂය විසින් කරන්නේද යන්න ගැන සති අන්තයේදී අවසන් තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලීය ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
I සංජීවිකා සමරතුංග