
රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක්ද නැතිනම් 20වැනි සංශෝධනයක්ද යන්න ගැන ආණ්ඩුව තුළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවත් ඒ සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කෙරෙන 20වන සංශෝධනයක් පමණක් සිදුකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. යම් හෙයකින් 20වැනි සංශෝධනය සිදුනොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ. ඒ නිසා හැකි ඉක්මනින් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන ලෙසට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට බලපෑම් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ නව ව්‍යවස්ථාවක් මේ වසර අගදී ගෙන ආ යුතු බව කියාය. එය මැතිවරණ පොරොන්දුවක් මෙන්ම රටේ අවශ්‍යතාව බවද ඔවුන් පෙන්වා දී තිබේ. මේ බව පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා තවමත් මේ ගැන අදහස් ප්‍රකාශ කර නොමැති අතර ඉදිරියේදී කැබිනට් මණ්ඩලයත්, ව්‍යවස්ථා ප්‍රවීණයන් සමඟත් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
I ගයාන් ගාල්ලගේ