ජයන්ත සමරකෝන් l
කොළඹ මහ නගර සභාව ඉදිකළ ආමර් වීදිය අඩු ආදායම්ලාභී පැරඩයිස් නිවාස යෝජනා ක්‍රමයේ (ඩෝබිවත්ත) නිවාස 22ක් නාගරික මන්ත්‍රීවරුන් අතර බෙදාගෙන ඇතැයි කියන පැමිණිල්ල ගැන සොයාබැලීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර ඇත.
මේ අනුව, අදාළ නිවාස හා බෙදාදී ඇති පදනම කුමක්ද යන්න පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත්, එතෙක් අදාළ නිවාස බෙදීම අත්හිටුවන ලෙසත්, ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා නගරාධිපතිනිය වෙත ලිපියකින් දැනුම් දී ඇත.
2016 වසරේදී ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 12 තුළ රුපියල් ලක්ෂ 2000 වියදමක් දරා පාරම්පරික පැල්පත්වාසී පවුල් 64ක් සඳහා නිවාස 64ක් ඉදිකර එම නිවාස 42ක් ඔවුන් වෙත බෙදාදී ඉතිරි 22 මෙසේ නාගරික මන්ත්‍රීවරුන් අතර බෙදා ගත් බවට පැමිණිලි රාශියක් ආණ්ඩුකාර කාර්යාලයට ලැබී තිබුණි.
මේ අතර මෙම 22 දෙනකුගේ ලැයිස්තුවේ සඳහන් නිවාස ලාභීන් අඩු ආදායම්ලාභී ස්ථීර නිවාස නොමැති අයද යන්න පරීක්ෂා කොට තම නිර්දේශය ලබාදෙන ලෙස නගරාධිපතිනිය පුණ්‍ය කොමසාරිස් වෙතද දන්වා යවා තිබේ.