
ශ්රීලන්කන් ගුවන් සමාගම වසර 2016 දී (ගිය වසරේදී) ලබා ඇති පාඩුව රුපියල් බිලියන 22ක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. පසුගිය රජය සමයේ ශ්රීලන්කන් සමාගම රුපියල් බිලියන 135ක පමණ පාඩු ලැබීය.
ඒ අනුව පසුගිය රජය විසින් ඇණවුම් කළ ගුවන් යානා ගණනාවක් මිලදී ගැනීම සඳහා කර තිබූ ඇණවුම් අවලංගු කළ ශ්රීලන්කන් සමාගම එම අවලංගු කිරීම සඳහා අදාළ නිෂ්පාදන සමාගමට දැවැන්ත වන්දි මුදලක්ද ගෙවනු ලැබීය. එහෙත් පසුගියදා ශ්රීලන්කන් සමාගම වෙනත් සමාගමකින් ගුවන් යානයක් මිලට ගත්තේය. ඒ අතර සමාගම පෞද්ගලීකකරණය සඳහා ද මිල ගණන් කැඳවා තිබේ.
I ව්යාපාරික වාර්තාකරු