I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෆය් සංවිධායකයන්ගේ දැඩි විරෝධයට ලක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර තනතුරුවලින් ඉවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා පැවති ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකයන්ගේ හමුවකදී මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා පළාතේ ආසන සංවිධායකයන් සමඟ සුහදව කටයුතු නොකරන බවත් හිතුමතේ ක්‍රියාකරන බවටත් ආසන සංවිධායකවරු ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැමිණිලි කළෝය. මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර යන සන්ධාන මහ ලේකම් හා පක්ෂ මහලෙක්ම්වරුද මෙම දෙදෙනාගේ ක්‍රියාකලාපයන් තරයේම විවේචනය කළහ. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් ඉවත් කරන බවය.