I සංජීවිකා සමරතුංග
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමේ සූදානමක් ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභා ඡන්ද කඩිනමින් පැවැත්වූයේ නැතිනම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මැ.කො. සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රසිද්ධියේ පැවසීය. ඒ සමඟ ඔහු ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් කොට පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්වීමට ඉඩකඩ ඇති බවය. පසුගියදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවේදී මේ ගැන දීර්ඝව සාකච්ඡා කෙරිණි.