2019 ජුනි 22 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය යළි මෛත්‍රීපාල සිරිසේන ඉල්ලයි

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් තරග කළයුතු බවට යෝජනාවක් මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රීලනිප විසින් මධ්‍යම කාරක සභාවට ගෙන ඒමට තීරණය කර ඇත.

දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර යන දෙදෙනාගේ මූලිකත්වයෙන් මෙම යෝජනාව සකස් කර ඇති අතර එය බහුතරයකගේ එකඟතාවය මත සහතික කර ගැනීම අපේක්ෂාව බව ඒ සඳහා කටයුතු කරන මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

එසේ සකස් කොට එකී යෝජනාව ශ්‍රීලනිපයෙන් වෙන්ව කටයුතු කරන පිරිසට ද දැනුම් දෙන බවත් ඊට පසු සියලු දෙනා එක්ව බහුතර කැමැත්ත මත අගමැතිවරයකු ප්‍රමුඛ බලවත් ආණ්ඩුවක් බිහිකර ගැනීමට කටයුතු කරන බවත් ඒ මන්ත්‍රීවරයා කීය.