2019 ජුනි 15 වන සෙනසුරාදා

අලුගෝසු පට්ටම: සුදුස්සන්ගේ ලැයිස්තුව ජනපතිට

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

I ජයන්ත සමරකෝන්

අලුගෝසු තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ අයදුම්කරුවන් 24 දෙනාගේ නාමලේඛනය සහ ලකුණු සටහන ජනාධිපති කාර්යාලය වෙත බන්ධනාගාරය විසින් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝග මත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසුවන් දෙදෙනකු බඳවාගැනීමේ අරමුණින් පසුගියදා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණි. එයින් මූලික වටයේදී තෝරාගත් 24 දෙනාම බන්ධනාගාරය වෙත කැඳවා එල්ලුම්ගහ සම්බන්ධයෙන් පෙර පුහුණුවක්ද පැවැත්වීය.

අලුගෝසු රාජකාරිය සහ එහි බැරෑරුම්කම පිළිබඳව හා රාජ්‍ය සේවයට අනුගත වන ආකාරය හා එහි ස්වභාවය මෙන්ම වැටුප පිළිබඳව මෙම 24 දෙනා දැනුවත් කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය

මෙහිදී ඇතැම් අයදුම්කරුවන් තමන්ට නිල නිවෙසක් සහ ආරක්ෂාවක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ, අයදුම්කරුවන් 24 දෙනා නැවත කැඳවන බවත්, එහිදී පැමිණෙන සංඛ්‍යාව අනුව වඩාත්ම සුදුසු දෙදෙනකු තෝරා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා බවත්ය.