I ගයාන් ගාල්ලගේ
සමාජ ජාලා තුළ ජාතිවාදී වෛරී ප්‍රකාශ පළ කරන පුද්ගලයන් හඳුනා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව විශේෂ ඒකකයක් සකස් කර ඇති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් (දේශය)ට පැවසීය.
මේ වනවිට එසේ වෛරී ප්‍රකාශ කළ පුද්ගලයන් රැසකගේ ලැයිස්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බවද සඳහන් වේ.
කෙසේ වෙතත් ඉදිරියේදී ජාතිවාදී අදහස් සමාජ ජාලාවල මුදාහරින්නන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ නීති සකස් කරන බවද එම නිලධාරියා පැවසීය