I දේශපාලන වාර්තාකරු
ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේ දී අත්සන් කරන්නට යෙදුණු ආරක්ෂක ගිවිසුම අනුව චීන රජය ශ්‍රී ලංකාවට බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ යන්ත්‍ර උපකරණ ගණනාවක් සපයා දීමට ප්‍රතිඥා දී තිබේ. එහි වියදම චීන රජය විසින් දරනු ලබන අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල පරිහරණය පිණිස මේවා සපයන බවද එම ගිවිසුමේ සඳහන්ය.
මෙයට අදාළ එකඟතාව දෙරටේ ආරක්ෂක අමාත්‍යාංශ දෙක විසින් සකස් කර තිබේ. මේ ආරක්ෂක ගිවිසුමට අමතරව එරටින් ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජීප් රථ 100ක්ද, රුපියල් කෝටි 260ක මුදලක් පරිත්‍යාගයක් ලෙස ද ප්‍රදානය කෙරිණි. එම මුදල් මෙරට ආරක්ෂක අංශවලට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා උපයෝගී කර ගැනීමට නියමිතය.