2019 මැයි 11 වන සෙනසුරාදා

අධිකරණයට විදේශ බලපෑම් : ඒකාබද්ධය අගවිනිසුරු හමුවට - උදය ගම්මන්පිල

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 306

I දේශපාලන වාර්තාකරු

අධිකරණ විනිසුරුවරුන්ට එල්ලවෙතැයි කියන විදේශීය බලපෑම් ගැන කරුණු දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මුණගැසීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (දේශය)ට පැවසීය.

අධිකරණ විනිසුරුවරුන්ට තානාපති කාර්යාලවලින් එල්ලවන බලපෑම් ගැන තමන් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වක් කළ බව පැවසූ ගම්මන්පිල මහතා ඊට අදාළව තවත් තොරතුරු රැසක් තමන් සතුව ඇති බැවින් ඒ ගැන අගවිනිසුරැතුමා දැනුවත් කිරීම තම කණ්ඩායමේ අරමුණ බවද පැවසීය.