I දේශපාලන වාර්තාකරු
මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාවෙන් 99%ක්ම අන්තවාදයට හා ත්රස්තවාදයට විරුද්ධ නිසා මුස්ලිම්වරුන් දෙස සැකෙන් නොබලන්නැයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මුස්ලිම් අන්තවාදී කොටසක් විසින් සිදුකළ අපරාධයට එරෙහිව දැන් මුස්ලිම් සමාජයම නැගී සිටින බව පැවසූ හෙතෙම සයින්දමරුදු හා මාවනැල්ල, ගම්පොළ ආදී ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදී කොටස් නීතිය හමුවට කොටුකර දුන්නේ මුස්ලිම්වරුන් විසින්ම බවද සඳහන් කළේය.
මෙම සිදුවීම් පාලනය කිරීමට සමාජ ප්රතිසංස්කරණයක් අවශ්‍ය බව පැවසූ මන්ත්‍රීවරයා මෙම ශෝකජනක අවස්ථාවේ දී කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම අනුව කතෝලික ප්‍රජාව සාමකාමීව ඉවසීමෙන් හැසිරීම අගය කරන වගද කීය.