2019 මැයි 04 වන සෙනසුරාදා

ආණ්ඩුකාරවරුන්ට රට ගමන් තහනම්

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

I දේශපාලන වාර්තාකරු

පවත්නා ආරක්ෂක තත්ත්වය මත පළාත් ආණ්ඩුකාරවරුන් කිසිදු හේතුවක් නිසා හෝ විදේශ ගතවීම අත්හිටුවමින් ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කර තිබේ. 

ඔහු මෙම නියමය කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා පැවති ආණ්ඩුකාරවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදීය.

පවත්නා ආරක්ෂක තත්ත්වය නිසා ආණ්ඩුකාරවරු සිය බල ප්‍රදේශවල රැඳෙමින් ප්‍රාදේශීය පළාත් පාලන ප්‍රධානීන් සමඟ එක්ව අවශ්‍ය රාජකාරි කටයුතු සංවිධානය කළ යුතු යැයිද ජනපතිවරයා පැවසීය. ආණ්ඩුකාරවරුන්ට කොළඹට පැමිණිය හැක්කේද තමන් කැඳවූවොත් පමණක් යැයි ජනාධිපතිවරයා පවසා තිබේ.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00