2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

පොලිස්පතිට තානාපති ධූරයක්?

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1210

I දේශපාලන වාර්තාකරු 

සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට විදේශ තානාපතිකමක් ලබාදීමට රජය යෝජනා කර තිබේ.

මේ ගැන ජනාධිපති කාර්යාලයෙන් පූජිත ජයසුන්දර මහතා වෙත දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වෙයි.

පොලිස්පතිවරයා ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. එහෙත් ඔහු ජනාධිපති, අගමැති, විපක්ෂ නායක හා කතානායකවරයා ද මුණගැසී මෙම ත්‍රස්ත ප්‍රහාරය ගැනත් ඉල්ලා අස්වීමට කර ඇති යෝජනාව ගැනත් කරුණු දක්වා තිබිණි. සිකුරාදා පත්‍රය මුද්‍රණයට යන විටත් පොලිස්පතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණේ නැත.