I දේශපාලන වාර්තාකරු
මැයි දිනයේදී පැවැත්වෙන මහජන රැලිවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට ඉන්දීය රජයේ “රෝ” ඔත්තු සේවය මෙරට ආරක්ෂක බුද්ධි අංශයට අනතුරු ඇඟවීම නිසා සියලු දේශපාලන පක්ෂවල මැයි දින රැලි අවලංගු කැරිණි.
මෙයට පෙර ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාර එල්ල වීමට පෙරද මේ ආකාරයට ඉන්දීය බුද්ධි අංශ එකී ප්‍රහාර ගැන අනතුරු අඟවා තිබිණි.
රජයේ ආරක්ෂක අංශ විසින් සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට මේ බව දැන්වීමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස මැයි දින රැලි අවලංගු කර ඇත.
1993 වසරේ මැයි දිනයේ දී එල්ල වූ මරාගෙන මැරෙන කොටි ත්‍රස්ත ප්‍රහාරයකින් එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමෙන් පසු මැයි දිනයට මෙතරම් තර්ජනයක් එල්ල වූයේ පළමු වරට බව කියැවේ.