I ගයාන් ගාල්ලගේ
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා එක්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල මහතාට දැන්වීමට තීරණය කර ඇත.
දැනට ඇතිව තිබෙන බරපතළ තත්ත්වයට සූක්ෂ්ම සැලසුම් සහ ක්‍රමවේද සැකසිය හැකි අත්දැකීම් බහුල ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා නිසා ඔහුව රටේ ආරක්ෂක වැඩපිළිවෙලට සෘජුව මැදිහත් කර ගන්නා ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
ඔහුව සම්බන්ධ කර ගනිමින් ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ සකසන ලෙසද මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට නියමිතව ඇත.