2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මෙරටට එන්න නොමිලේ වීසා 01දා ඇරඹේ

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

I සංජීවිකා සමරතුංග

රටවල් 38කින් පැමිණෙන පුරවැසියන්ට ශ්‍රී ලංකාවට පිවිසීමේ වීසා නොමිලයේ ලබාදීම ලබන 01දා සිට ඇරඹේ. ආරම්භයේදී මැයි මස 01දා සිට ඔක්තෝබර් මස 31 දින දක්වා මාස 6ක කාලයකට මෙම පහසුකම වලංගුය.

මෙම රටවල් 28 අතරට යුරෝපා රටවල් 28ක් හා සෙසු කලාපීය රටවල් 10ක් ඇතුළත් වෙයි. ඒ අනුව මැයි මස 01දා සිට අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විට්සර්ලන්තය හා කාම්බෝජය ඇතුළු රටවල් 38ක පුරවැසියන්ට මුදල් ගෙවීමකින් තොරව ශ්‍රී ලංකා වීසා ලබාගත හැක. එහෙත් ශ්‍රී ලාංකිකයන්ට මෙම රටවල් කරා පිවිසීමේදී සුපුරුදු ලෙස ගාස්තු ගෙවිය යුතුය. මෙම රටවලට ශ්‍රී ලාංකිකයන් පිවිසීමේදී වීසා ගාස්තු අය නොකරන්නේ සිංගප්පූරුව පමණි.