I ජයන්ත සමරකෝන්
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් රාජකාරි වේලාවන්හි චැනල් සේවාවේ නිරතවීම හේතුවෙන් රෝහල් ගත කරනු ලබන අසාධ්‍ය රෝගී සිරකරුවෝ මියයන අවස්ථාද ඇතැයි එහි නිලධාරිහු චෝදනා කරති.
මේ අන්දමේ ඉකුත් 4, 12, 16 යන දිනයන්හි රෝහල් ගත කළ රෝගී සිරකරුවන් කිහිපදෙනෙකු ද ඉකුත් 2 වන දින රෝගී තත්ත්වයන් නොමැති බවට නිර්දේශ කොට වැලිකඩ බන්ධනාගාරයට මාරැකර යවන ලද රෝගී සිරකරුවකුද මියගොස් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මෙම රෝහලෙන් රෝගී සිරකරුවන්ට නිසිලෙස ප්‍රතිකාර නොලැබෙන බවට සිරකරුවන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇතැයිද පැවසේ. මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගී සිරකරුවන් 24 දෙනකු පමණ මියගොස් ඇතැයිද එයින් කිහිපදෙනකුටම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබී නැතැයිද සඳහන් වේ.
මෙම වෛද්‍යවරුන් රාජකාරියට යන එන නිවැරදි වේලාවක් රෝහල් ගේට්ටුවේ සටහන් වන බවද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අමතර දීමනා ලබා ගැනීම පුරුද්දක් වශයෙන් සිදුවන බවද නිලධාරීහු කියා සිටිති.
මෙම රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරුන් සංඛ්‍යාව 18ක් බව වැඩිදුරටත් වාර්තාවේ.