2019 මාර්තු 30 වන සෙනසුරාදා

පාතාලයන්ට පුහුණුව දෙන හොර වෙඩි පිටි 5ක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

I ආරක්ෂක වාර්තාකරු

පාතාල ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නියැලෙන්නන්ට වෙඩි තැබීමේ පුහුණුව ලබාදෙන නීති විරෝධී වෙඩි පිටි 5ක් සම්බන්ධව ආරක්ෂක බුද්ධි අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම වෙඩි පිටි 5 පිහිටා ඇත්තේ කොළඹ, ගම්පහ, මහනුවර හා ගාල්ල ආදී ප්‍රදේශවලය. ඒවා දැනට රටේ ක්‍රියාත්මක වන වෙඩිපිටි ආඥා පනතට අනුව රජයේ අනුමැතිය නොලැබූ නීති විරෝධී වෙඩි පිටි බව ආරක්ෂක අංශ පවසයි. දැනට රාජ්‍ය බුද්ධි අංශ වෙත ලැබී තිබෙන තොරතුරු අනුව මෙම නීති විරෝධී වෙඩි පිටි පහේම පාතාල ත්‍රස්තයන්ට වෙඩි තැබීමේ පුහුණුව ලබාදී ඇතැයි වාර්තා වේ.

මෙකී නීති විරෝධී වෙඩි පිටි සියල්ල දැනට හඳුනාගෙන ඇති අතර ඒවා තහනමට ලක් කොට වහාම රජයේ ආරක්ෂක අංශ භාරයට ගැනීමට නියමිත බව බුද්ධි අංශ පවසයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00