I සංජීවිකා සමරතුංග
මේ දිනවල ආණ්ඩුව සාකච්ඡා කරන ජාතික ආණ්ඩුවට ප්‍රධාන පක්ෂ ගණනාවක පසුපෙළ මන්ත්‍රීන් දැඩි ලෙස විරෝධය පළකරන බව වාර්තා වෙයි.
එ.ජා.ප.යේ පසුපෙළ කථිකයන් වන හේෂාන් විතානගේ, චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් දැනටමත් මෙයට විරෝධය පළකර ඇත. එ.ජ.නි.ස.යේ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේම කියා ඇත්තේ ජාතික ආණ්ඩුවකට විරුද්ධ බවය.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ගණනාවක්ද මෙයට විරෝධය දක්වා තිබේ. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ආදීන් කියා තිබුණේ මෙය නොකෙරෙන දීගයක් බවය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාද සඳහන් කළේ එය කතාවක් පමණක් බවකි.