I චමිඳු නිසල් ද සිල්වා
කාර්යාලයීය දුම්රියවල මැදිරි සංඛ්‍යාව වැඩි නොකර කාන්තා මැදිරි වෙන්කිරීම නිසා මැදිරිවල තදබදය වැඩි වි මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි දුම්රිය මගී සංගම් චෝදනා කරයි.
සමුද්‍රදේවි, මහව සහ බංගදෙණිය යන දුම්රියවලට මෙම ගැටලුව විශාල වශයෙන් බලපා ඇතැයි පැවසේ.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල බලා ධාවනය වන සමුද්‍රදේවි දුම්රිය මැදිරි 12කින් සමන්විත අතර කාන්තා මැදිරියක් වෙන්කිරීම හේතුවෙන් අනෙක් මැදිරි තුළ තදබද ඉහළ ගොස් ඇතැයි පැවසේ. ඊට අතිරේක මැදිරියක් හෝ මීට වඩා වැඩි මැදිරි සංඛ්‍යාවක් ඇති දුම්රියක් යොදවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. එහෙත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා දේශය කළ විමසීමකදී ප්‍රකාශ කළේ සමුද්‍රදේවි දුම්රිය බලවේග කට්ටලයක් බැවින් අමතර මැදිරි යෙදවිය නොහැකි බවයි.
එමෙන්ම වෙනත් මැදිරි යෙදවීමටද හැකියාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය. කවුරුන් කෙසේ කීවත් විශේෂ තදබදයක් ඇතිවීමට හේතුවක් නැති බවත් කාන්තාවන් සඳහා මැදිරි වෙන්කිරීමක් මිස දුම්රිය මගීන් වැඩිවීමක් සිදු නොවූ බවත් ඔහු පැහැදිලි කළේය.
මෙම ප්රශ්නය සම්බන්ධ තවදුරටත් විමසීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සම්බන්ධ කරගත් විට තමන් වෙතද මේ සම්බන්ධ පැමිණි රැසක් ලැබී ඇති බව ඔහු පැවසීය. කෙසේ නමුත් කාන්තා මැදිරි වැඩිකිරීමෙන් තදබදයක් හටගත නොහැකි බව ඇමැතිවරයාද කියා සිටියේය.