2019 මාර්තු 16 වන සෙනසුරාදා

ජ.වි.පෙ. - ටී.එන්.ඒ. පොදු සංවිධානයක!

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:29 30

I දේශපාලන වාර්තාකරු

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ප්‍රථමවරට රටේ සිදුවන වංචා දූෂණවලට එරෙහි පොදු සිවිල් සමාජ සංවිධානයක් ස්ථාපිත කිරීමට තීන්දු කර ඇත.

මේ පිළිබඳව මූලික එකඟතාව ඇතිකර ගත්තේ පසුගියදා දෙපක්ෂය එක්ව පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාවේදී ජ.වි.පෙ. නායක අනුර දිසානායක හා දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් ඇතුළු නියෝජිතයන් එකඟ වී ඇත්තේ රටේ බිඳ වැටෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට, වංචා හා දූෂණ ක්‍රියාවලට එරෙහිව හඬ නැගීමට පොදු සංවිධානයක් සකස් කළ යුතු බවටයි.

මේ සඳහා දේශපාලනයට ඍජු සබඳතා නැති සිවිල් සමාජ සංවිධානයක් ස්ථාපිත කළ යුතු යැයි දේපක්ෂය වැඩිදුරටත් එකඟ වී තිබේ. මේ ගැන ක්‍රියාකාරී සැලැසුමක් සැදීමට ළඟදීම දෙපක්ෂය නැවත මුණගැසෙනු ඇතැයිද වාර්තාවේ.