යසවර්ධන රුද්රිගුl
2018 සැප්තැම්බර් මස 30 දින වනවිට රාජ්‍ය අංශයේ අනුමත කාර්ය මණ්ඩලය 1,587,803ක් වුවද එදිනට සේවයේ නියුතු මුළු කාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 1,373,338ක් බව හෙළිදරව් වී තිබේ. මේ අනුව කාර්ය මණ්ඩල හිඟය 2,14,465කි.
රජයේ ඇතැම් අංශවල සේවකයන් අතිරික්තව සිටින අතර තවත් අංශවල රාජකාරි කටයුතු නිසියාකාරව කරගෙන යාම සඳහා අවශ්‍ය වන සේවකයන් සංඛ්‍යාව අඩු බව අනාවරණය වී ඇත. මේ නිසා එම ස්ථානවලින් සේවා ලබාගැනීමට එන මහජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව තිබෙන බවද අනාවරණය වෙයි.
මෙම ගැටලු සහගත තත්ත්වය තුළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම පිළිබඳව මුදල් ඇමැති මංගල සමරවීර අමාත්‍ය මණ්ඩලයටද කරුණු දක්වා ඇත.