ගයාන් ගාල්ලගේ l
මන්ත්‍රීවරුන් කොකේන් පානය කරන බවට අභූත චෝදනා කරමින් සමස්ත පාර්ලිමේන්තුවටම රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ අපහාසයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා කථානායකවරයාට පැමිණිලි කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා දේශයට පැවසීය.
එජාපය විසින් පත්කළ කමිටුවටද හරිහැටි තොරතුරු දීමට නොහැකි වීම ඔහු නියත වශයෙන්ම පාර්ලිමේන්තුවට කළ අපහාසයක් නිසා කථානායකවරයා ඔහුට විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගතයුතු බව ඒ මහතා කීය.
ඒ පිළිබඳව කථානායකවරයා ක්‍රියා නොකළහොත් ඊට බලකරන බවද හෙතෙම සඳහන් කළේය.