දේශපාලන වාර්තාකරු l
විධායක අගමැති ධුරයක් හා නාමමාත්‍ර ජනපති ධුරයක් හඳුන්වා දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පැවති නිල නොවන කතාබහ සාර්ථක වී ඇතැයි (දේශය)ට වාර්තා වෙයි.
මෙහි මුල් වටය සිකුරාදා සන්ධ්‍යාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්විණි. ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ එ.ජා.පය අතර මේ ගැන නිල නොවන අදහස් හුවමාරුවක්ද සිදුව තිබිණි. පසුගිය දා මහින්ද රාජප මහතා වතුකර පය නායකන් වන මනෝගනේෂන් දිගම්බරන් හා රාධක්‍රිෂ්ණන් යන මහත්වරු සමඟ මේ ගැන සාකච්ඡා කර ඇත.
මේ ගැන සවිස්තර සාකච්ඡාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ද පසුගියදා රහසේ හමුවූ බව (දේශය)ට වාර්තා විය.
ඉදිරි දිනවල එ.ජා.පය සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් සංවිධානය කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද දැනටමත් විධායක ජනාධිපති ධුරය අහෝසියට කැමැත්ත පළකර ඇත. ජනතා විමුක්ති පෙරමුණ මේවනවිටත් මැතිසබා න්‍යාය පත්‍රයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රධාන පක්ෂ අතර කෙරෙන සාකච්ඡාවෙන් පසු පක්ෂ සියල්ලේ අදහස් ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. මෙම උත්සාහය සාර්ථක වුවහොත් වහාම කඩිනම් මහ මැතිවරණයක් කැඳවෙයි. එහි ප්‍රධාන පක්ෂ අතර සටන රනිල් මහින්ද සටනක් විය හැකි බව ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෝ ගණනාවක් (දේශය)ට පැවසූහ.