සංජීවිකා සමරතුංග l
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා වශයෙන්ද සිකුරාදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වියජවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධූරය දරන්නේ ඔහු මෙතෙක් දැරූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.
විජයවර්ධන මහතා වසර 2010 පැවැති මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මුල්වරට තේරී පත්විය. නැවත 2015 මැතිවරණයේදී ද මන්ත්‍රී ධූරයට පත්වූ ඒ මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කරනු ලැබීය. මෙතෙක් ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධූරය දැරූ මංගල සමරවීර මහතා වෙනුවට ජනමාධ්‍ය විෂය රුවන් විජයවර්ධන මහතාට පවරා ඇත. ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් උපාධි ලැබීය. විජයවර්ධන මහතා දැනට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ධුරය ද දරයි.
රැවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධූරයේ දිව්රුම් දීමෙන් අනතුරැව මංගල සමරවීර මහතා නැවතත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේදී දිව්රුම් දුන්නේය.