2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

පඩිත් එක්කම බදුත් නගී

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 502

I ව්‍යාපාරික වාර්තාකරු

ලබන මස 05දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයෙන් රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයත් සමඟ බදු ඉහළ දැමීම් ගණනාවක් සිදුවන බවට දේශයට තොරතුරැ වාර්තා වෙයි.

රජයේ සහන වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට හා සමෘද්ධිලාභීන්ට පුළුල් සහන හිමිවනු ඇතැයි කියැවේ. එසේම ගොවීන්ට නොමිලේ පොහොර සැපයීමේ යෝජනාවත්ද අයවැයට ඇතුලත්ය.

එසේම රජයේ ආදායම් උත්පාදන වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන පෙළේ බදු තුනක ප්‍රතිශත ඉහළ දැමෙනු ඇත. එමගින් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි යැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.