I ආරක්ෂක වාර්තාකරු
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට අදාළ අවබෝධතා ලේඛනයක් ඇමෙරිකානු රජය විසින් ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ උපදෙසින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවක් විසින් දැන් මෙම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවද දේශයට වාර්තා වෙයි.
ද්විපාර්ශ්වික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ ස්ථාපිත කිරීම්, පුහුණුව, විවිධ සැපයුම්, කලාපීය ආරක්ෂාවට අදාළ යෝජනා මෙකී අවබෝධතා ලේඛනයට ඇතුළත් වෙයි.
දේශයට ලැබෙන තොරතුරු අනුව අමෙරිකානු රජය යෝජනා කර ඇති බොහොමයක් කාරණා මෙම අවබෝධතා ලේඛනය අධ්‍යයනයට පත්කළ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවේ. මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් ආරක්ෂක අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීම ගැන කිසිදු තීරණයක් ගෙන නැති බවය.