යසවර්ධන රුද්රිගු I
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ලියා ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති "නැත්ත වෙනුවට ඇත්ත" යන කෘතිය නිසා ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධීමය දේපළ අයිතිය උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10ක (කෝටියක) වන්දියක් ගෙවන ලෙස පසුගිය සිකුරාදා (11) විමල් වීරවංශ මන්ත්‍රීවරයාට නියෝග කළේය.
එයට අමතර වශයෙන් කෘතිය ප්‍රකාශයට පත්කිරීමද තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරිණි. මෙම නඩුව විභාග කෙරුණේ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේය.
කෘතිය ප්‍රකාශයට පත්කිරීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධීමය දේපළ අයිතිය උල්ලංඝණය වී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිකරණයට පැමිණිලි කර තිබුණි. ප්‍රසිද්ධියට පත් නොකළ යුතු ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වාර්තා ආදිය මෙම ග්‍රන්ථය මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි පැමිණිලි පාර්ශ්වය අධිකරණයට කරුණු දැක්වීය.
මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ දීර්ඝ කාලයක් තිස්සේ විභාග විය.