2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

වියළි සෘතුවෙත් මල් පිපෙයි

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

ඉපැරණිම තුවාලද
නැවත පිරිමදින්නේ..
හිත රිදෙන වෙලාවට
මමම දෝ හොයන්නේ
කාටවත් නැති තරම්,
ආදරේ තියෙන්නේ
ඒ බවක් නොදැනමද
මේ හිතම බිඳින්නේ.

ඇයට පෙර දවසකදි,
හිත දුන්න බව දනිමි..
ඒ හිතම කෑලි කර..
බිඳුණු බව අත් විඳිමී..
එකින් එක,ඒ කොටස්
ඒක්කරන් හිත මවමි..
ඒ මටත් දොස් තියන
වෙලාවට ඇස් වසමි..

කුරා කුහුඹියෙකුටත්
නොරිදවපු හිතක් ඇති..
ඉවසීම හුරු පුරුදු,
හිතම පෙර සේ හොයමි..
කුඩා දේකට පවා නපුරු වුණ
අරුමයෙනි.
ආයෙමත් එදා වගේ ඉන්න
බැරිදැයි අසමි...

ජීවිතේ හැමදාම වසන්තය
නෑ තමයි
ඔබයි මේ මමයි ළඟ
ආදරය අපමණයි..
එවන් ප්‍රේමයක් සතු
හැකියාව අපමණයි...
මේ වියළි සෘතුවෙම
මල් පිපෙයි සත්තමයි !

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00