2023 පෙබරවාරි 05 වන ඉරිදා

දේශපාලන නායකයන්ට අප්‍රසාදය

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 218


ශ්‍රී ලංකාවේ මැතිවරණ සමීක්ෂණ සංවිධානයක් වන ''ශ්‍රී ලංකා ඔපිනියන් ට්රුකර්'' මගින් සිදුකෙරුණු මත සමීක්ෂණයකදී මෙරට සියලු දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධයෙන් එම සමීක්ෂණයට සහභාගි වූවන් දැඩි අප්‍රසාදයක් දක්වා තිබීම විශේෂයකි. දේශපාලන නායකයන්ගේ ක්‍රියා අසතුටුදායක බවත් එය වැඩිවෙමින් පවතින බව එහිදී ප්‍රකාශ විය.

මේ නායකයන් අතුරින් අඩුවෙන්ම අප්‍රසාදය පළ වී තිබුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය. එය - 46ක් වශයෙන් දැක්විණි. ගෝඨාභය රාජපක්ෂ - 51ක්ද අනුර කුමාර දිසානායක - 55ක්ද සජිත් ප්‍රේමදාස - 57ක් වශයෙන්ද සඳහන් විය.
2022 වසරේ ජනවාරි 22, මාර්තු 22, මැයි 22, ජූලි 22, සැප්තැම්බර් 22 සහ නොවැම්බර් 22 දිනවලට අදාළව මේ සමීක්ෂණය සිදුකර තිබිණි. ඉහත සඳහන් දත්ත සටහන දක්වා ඇත්තේ අවසන් වරට සිදුකළ පසුගිය නොවැම්බර් 22 වැනිදා වනවිට පැවති තත්ත්වයයි.

මෙම දත්ත සටහන අනුව රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 22 වැනිදා වනවිට ඉහළම ප්‍රසාදයක් හිමිකරගෙන සිටි අතර එය දැක්වුණේ 0%කට ආසන්න තත්ත්වයකිනි. පසුව ජූලි මාසය වනවිට යළිත් 80%කට ආසන්න පහළ වැටීමක් සිදුවුවත් සැප්තැම්බර් මාසය වනවිට 30%ක් පමණ තත්ත්වයකට වර්ධනය වී තිබිණි. නොවැම්බරයේදී එය 46%ක් තත්ත්වයේ පැවතිණි. අනෙක් නායකයන්ගේ තත්ත්වය එයට වඩා වෙනස් වූයේ සුළු පරතරයකිනි.

2021 අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන නායකයන්ගේ සතුටුදායක, අසතුටුදායක බව සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකරන මේ ආයතන ඒ සඳහා දුරකථනය හරහා විවිධ පිරිස් සම්බන්ධ කර ගනිමින් ප්‍රශ්නයක් අසන ආකාරයට මේ සමීක්ෂණය සිදුකරයි.

- ඩේලි එෆ්.ටී.

75 සැමරුමට රු. දහසේ කාසියක්

75 වැනි ජාතික නිදහස් දිනය සමරමින් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දහසක කාසියක් නිකුත් කර තිබේ. සැමරුම් කාසියක් වන මෙය මුදල් සංසරණය සඳහා භාවිත කර නොගනී.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් පසුගියදා එම සැමරුම් කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රදානය කෙරිණි. ග්‍රෑම් 28.28ක බරින් යුත් රුපියල් දහසේ කාසිය මහ බැංකුව මගින් නිකුත් කරන ලද 71 වැනි සැමරුම් කාසියයි. එම කාසියේ එක් පසෙක 75 සමඟ ජාතික කොඩිය දැක්වෙන අතර අනෙක් පැත්තේ රුපියල් 1000 සහ රාජ්‍ය ලාංඡනය සඳහන්ය.

මෙම කාසි සීමිත සංඛ්‍යාවක් ලබන මාර්තු මාසයේ සිට මහ බැංකුව මගින් අලෙවි කෙරෙන අතර එහි මිල ගණන සහ අලෙවි කෙරෙන ස්ථාන පිළිබඳ ඉදිරි කාලයේදී දැනුම් දෙනු ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00