මේ අනන්ත වැස්ස එක්ක
කතා කරන ඔය ඇස් දෙක
ජීවිතයට ආදරයක් අරගෙන ඇවිදින්
සුළඟ එක්ක යන්න මටත්
කතා කරනවා
ඇහි පිල්ලම යට නැවතී
හීන හොයන නුඹේ දෑස
අතීත දේදුනු අතරින් ඇවිදන් යනවා
ස්නේහයේ සුයාමයට
හිත ඉගිලෙනවා
කවදාවත් නේන සිහින
අහස සිඹින තුරු හිස් අග
පිනි බිඳු තුරුලේ සැඟවී කතා කරනවා
නුඹත් එක්ක වැස්ස විඳින
හීන හොයනවා
උරමඬලේ හිස රන්දා
අසෙනිය වැහි චමත්කාර
අපට අයිති අතීතයක මම තනිවෙනවා
අඳුරු වලා අග්ගිස්සේ
තරු හිනැහෙනවා
I saara