2023 මාර්තු 19 වන ඉරිදා

කොරියා! ඒක අමුතුම ලල් එකක්

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 177

ඔන්න මචෝ අද අරගෙන ආවා ටිකක් අමුතු මාදිලියක Y Trend එකක්. කොරියන් සීන් කෝන් ගැන අපි දෙතුන් පාරක් කතා කළා මතකද? මේ Trend එකටත් කොරියන් සීන්වලට අදාළයි. හැබැයි සුදෝ මේක K-Pop, K-Drama වගේ සීන් එකක් නම් නෙවෙයි. මේක YouTube ප්‍රධාන කරගෙන අපේ Social Media වලට සම්බන්ධ වුණු Y Trend  එකක්. Specially ලංකාවෙ අපිට පසුගිය කාලේ මේක බොහොම තදින් දැනුණා.

සීන් එක ගැන පැහැදිලි කරන්න ඉස්සෙල්ලා පොඩි 'බේස්මන්ට්' එකක් දාගන්න ඕනෑ. නැත්නම් මේ Trend එක ගැන නොදන්න අයට මඤ්ඤං වෙනවා ෂුවර්.  

සුදාලට මතක ඇති අපේ Foreign workers ලගේ History එක. අපේ රටේ මිනිස්සු වැඩ කරලා කීයක් හරි හම්බ කරගන්න ගියේ MiddleEast වලට. එහෙමත් කෙනෙක් තමයි වෙනත් රටක Worker කෙනෙක් විදියට ගියේ. ඒත් පස්සෙ කාලෙක අපේ අයට Korean යන්න සෙට් වුණා. අපි විතරක් නෙවෙයි, කොරියාවේ දියුණුවත් එක්ක ලෝකෙ අපි වගේ රටවල ගොඩක් මිනිස්සු ඒ රටට Workers ලා විදිහට ගියා. 

ඉතින් සුදෝ, ඉස්සර මැදපෙරදිග තිබුණු සීන් කෝන් එකම තමා දැන් Korea වල තියෙන්නෙ. හැබැයි මෙතන වෙනම ලල් එකක් තියෙනවා. ඒක මෙහෙමයි. අපි පැහැදිලි කරගමු මචෝ. එදා ඉදන් අද වෙනකල් Middle East ගියේ ආවෙ බහුතරයක් කාන්තාවෝ. තරුණියන්ටත් වඩා අපේ රටේ විවාහක කාන්තාවෝ මේ සීන් එකට සෙට් වුණා. ඒක ඉතින් වෙනම ඛේදවාචකයක්. 

ඒත් කොරියන් සීන් කෝන් එක වෙනස්. Korea යන්නේ කොල්ලෝ. මුලින්ම ගියෙත් කොල්ලො. එහෙම ගිහිල්ලා ඇවිල්ලා ලංකාවේ ගේමක් ගහගෙන ඉන්න සමහරුන්ට දැන් අවුරුදු 40ත් පැනලා. කොහොම හරි කොරියන් යන්නේ හොඳට මොරාල් තියෙන වයසෙ කොල්ලො. ඒ නිසයි කොරියාව අපේ උන්ට වෙනම ලල් එකක් තියෙන රටක් බවට පත්වෙලා තියෙන්නෙ.

ඉතින් ඔය සීන් කෝන් එකත් එක්ක තමයි, මේ අපි කියන යන Trend එක නිර්මාණය වුණේ. මේකට අපි කියන්නේ "Korea ඉන්න ලංකාවෙ කොල්ලන්ගෙ YouTube Video රැල්ල" කියලා. දැන් පැහැදිලියි නේද සීන් එක. සමහර විට සුදාලත් දැකලා ඇති. YouTube වල විතරක් නෙවෙයි අනිත් Social Media Platforms වලත් මේ Trend එක දැකගන්න පුළුවන්. එකෙක් දෙන්නෙක් නෙවෙයි Korea ඉන්න සෑහෙන සෙටාර් එකක් මේ සීන් කෝන් එකට එන්ටර් වෙලා ඉන්නෙ දැන්.

ලෝකෙ වටේ විවිධ රටවල ඉන්න ලාංකිකයෝ, සිංහලෙන් තමන් ඉන්න රටවල් ගැන ලංකාවෙ අයට කියන එක කොහොමත් මේ කාලේ Trend එකක්. ඒ අතරින් Korean සීන් එක Special වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. මේ වෙනකොට මුළු ලෝකෙම අවධානය කොරියාව දිහාවට යොමුවෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අංක එකේ හේතුව. "කොරියාව" නම විකුණන්න පුළුවන් 'බ්‍රෑන්ඩ්' එකක් වෙලා.

සුදාලා දන්නවා කොරියානු සංගීතය දැන් තියෙන්නෙ වෙනම level එකක. අමෙරිකාව ඇතුළු ලෝකෙ ඉන්න හැම රටක්ම මිනිස්සු K-Pop වහ වැටිලා ඉන්නේ. ඒක ඒ රටේ වෙනම economy එකක්. අනික කොරියානු ටෙලිනාට්‍ය K-Drama, චිත්‍රපට, තාක්ෂණය මේ හැමදෙයක්ම ලෝකයේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුළෙ තියෙනවා.

සරලවම කියනවා නම් මගේ නම් ලංකාවෙ කොල්ලෝ මහන්සි වෙලා වැඩ කරල කරලා කීයක් හරි හොයාගන්න Korea යනකොට, ලංකාවේ කෙල්ලෝ K-Pop ඇතුළු කොරියානු ජනප්‍රිය රුල්ලට උමතුවෙලා ඉන්නේ. අපි ඒ ගැනත් Y Trend කිහිපයක්ම අරගෙන ආවා.

ඉතින් මේකත් එක්තරා ආකාරයකට හේතුවක් කොරියාවේ ඉන්න කොල්ලෝ යූටියුබ්කාරයෝ බවට පත්වෙන්න. මෙයාලා ඉතින් ඒ රටේ එක එක දේවල් අපිට පෙන්නනවා. කෑම බීම, ඇඳුම් පැළඳුම්, වෙළෙඳසල් වගේ දේවල් ගැන වීඩියෝ දැන් වැහි වැහැලා. මේ වීඩියෝ Interviews එහෙමත් තියෙනවා මචෝ. පසුගිය දවස්වල ඒ වගේ Interviews එකක් නිසා සමහර චරිත ලංකාවේ සෑහෙන්න ප්‍රසිද්ධ වුණා.

බහුතරයක් කොල්ලො YouTube channel කළාට, මේ සීන් එකේ ඉන්න කෙල්ලෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා. කොරියාවේ ජීවත් වෙන සමහර Couples එහෙමත් YouTube Channel කරනවා. ගොඩක් වෙලාවට තමන්ගෙ Lifestyle එක ඇසුරෙන් තමයි මචෝ මෙයාලා වීඩියෝ කරන්නේ. වෙනසක් කුතුහලයක් තියෙන නිසා අපිත් මේවා බලනවා. ඉතින් අපේ සුදාලටත් YouTube පැත්තෙ කරක් ගහලා බැලුවොත්, ඕනෑ තරම් මේ වගේ සීන් කෝන් හොයාගන්න පුළුවන්. 

එක්තරා ආකාරයකට මේක වෙනම ආදායමක් හොයාගන්න කරන අහිංසක උත්සාහයක්. YouTube සල්ලි ගැන පුංචි හීනයකුත් මේ අයට නැතුව නෙවෙයි. කොහොම වුණත් මචෝ මේ කෙල්ලො කොල්ලො Video වීඩියෝ කරන්නේ වෙන වැඩක් නැති නිසා නම් නෙවෙයි හරිය. ලංකාවෙදි හැබෑ කරගන්න හිතාගෙන ඉන්න හීන වෙනුවෙන්, Korea වගේ රටක සෑහෙන්න කට්ටක් කාලා ගේමක් ගහලා තමා මෙයාලා කීයක් හරි හොයා ගන්නෙ.

අපිට පේන විදිහට මචෝ,  මේ අපේ කොල්ලෝ ගෙදරින් ඈත්වෙලා, යාළුවන්ගෙන් ඈත්වෙලා, වෙහෙස තනිකම එක්ක පීඩාවට පත්වෙලා ඉන්නේ. වල බැහැලා, ගැන්සි ගැහිලා ආතල් එකේ කොල්ලො බහුතරයක් එහෙ ඉන්නවා. ඉතින් අපිට හිතෙන විදිහට මේ YouTube  සීන් එක ඇතුළේ ඒ නැතිවෙච්ච ආතල් එකත් අපේ උන් සෙට් එක හොයනවා.

කොහොම වුණත් නිතරම ලංකාවේ සෑහෙන්න පිරිසක් ඉන්නවා Korea යන්න බලාගෙන. අවුරුද්දට දහස් ගණනක් විභාග ලියනවා. ඉතින් ඒ සෙට් එක මේ Video අනිවා බලනවා. ඒ විතරක් නෙවෙයි Comment කරනවා, Like කරනවා, මේ කොල්ලන්ට Massage  කරනවා. සමහරු යාළු ෆිට් එකක් හදාගන්නවා. සිරාවට මේක ඇතුළට පොඩ්ඩක් බැහැලා බලන්න ඕනෑ. මේ සීන් එකේ අපි මුලින් කිව්වා වගේම වෙනම ලල් එකක් තියෙනවා.

අනෙක් අතට කොරියාවේ ඉන්න Sri Lankan  Society ඇතුළෙත් YouTube එකේ පොරක් වුණාම පුංචි පිළිගැනීමක් හැදෙනවා. ඒක නම් ලංකාවෙත් එහෙම්මම තමා. ඉතින් මේ සීන් එකට තව තව කට්ටිය එකතු වෙනවා. හැම සීන් කෝන් එකකම වගේම මේකෙත් අනම් මනම් චාටර් වැඩ, ගොන් වැඩ නැතුව නෙවෙයි. ඒත් මේ අහිංසක ආතල් වැඩේට ගරහන්න අපිට ඕනේ නෑ මචෝ. උඹලට චූන් නම් අපිට චූන් සුන්දරා. 

Keep it up.. !

I නිසල්