2023 පෙබරවාරි 05 වන ඉරිදා

වැහි ළිහිණියන් සරන

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 77

වැහි ළිහිණියන් සරන 
දම් පාට හැන්දෑව
මම ඇන්ද චිත්‍රයක 
ලියවෙච්ච කවියක්ය
ඒ කවියෙ හැම අකුරකම
තිබුණේම ආදරය ❤

ළිහිණියන් ආවේම
කියන්නට වැස්ස ගැන 
බලාගෙන ඉන්නේම
වහිනකම් ඒ වැස්ස

අවැසි වැසි නොවැසි කල
නොවැසි වැසි අවැසි කල
ප්‍රේමයේ ගිනි අසෙනි 
ජීවිතේ තැනින් තැන 

ඔන්න ඔහෙ වැස්සදෙන්
වහින වැස්සක් රෑට 
මම මටම තුරුල් වෙමි
රාත්‍රිය මනරම්ය 

ළිහිණියේ මට කියන්
හෙටත් නුඹ එනවාද
මහා වැස්සක් එපා
පොදක් ඇති හොඳටෝම

 I සංජු